අලුත් මාසෙ අලුත් දිනයක ලග්න රැසකට එකම දෙයක් සිදුවෙයි..කල්පනාකාරීව වැඩ කරන්න..

Jothishya Lagna
By Aruna Oct 01, 2024 11:39 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකි බවක් ගෙනදෙයි. මංගල සාද, ප්‍රිය සාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ගමන් බිමන්ද තරමක් බහුල වෙයි. ධන ලාභ ලබයි. සිරසගත රෝග, උෂ්ණ රෝග දේ. ජය අංකය: 05 ශුභ වර්ණය: දම්

🔴 වෘෂභ ලග්නය

උනන්දුවෙන් රාජකාරිවල යෙදෙන අතර වෙහෙසව ක්‍රියාකාරීමට සිදුවෙයි. තම ළඟම ඥාතීන් නිසා වැයපස ද තරමක් ඉහළ යයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. මූල රෝග, භගන්දර වැනි රෝග යෙදේ. ජය අංකය: 08 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 මිථුන ලග්නය

නිර්මාණාත්මක ක්‍රියාවන්හි යෙදේ. තරමක් විවේචනයට ලක්වෙයි. ඍජු ගුණයෙන් පිහිටා ක්‍රියා කළ යුතු අතර කලබලවීම ශුභවාදී නොවේ. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට ජයයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. අතපසුවීම්වලට හේතු ගෙනදෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. තම ස්වයංරැකියා ජය ලබයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. හදිසි ධන ලාභද දෙයි. සෙම්කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: රන්වන්

🔴 සිංහ ලග්නය

අවිවේකි දිනකි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. අන්අයගෙන් උපදෙස් උපකාරද ලබයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. භූමි ලාභ, භූමි සම්පත් ගෙනදෙයි. සෙම් බහුල රෝග, පෙණහලු ආසාදන මතු වේ. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

🔴 කන්‍යා ලග්නය

ගමන් බිමන් අධික වන අතර ප්‍රවේශමෙන් නිෂ්ඵල ගමන්ද යෙදේ. බුද්ධිමත් විය යුතු දුර දිග බලා ක්‍රියා කළ යුතුය. තම මතයට වැඩ කිරීම ශුභවාදී නොවන අතර හදිසි ධන ලාභද මතු කරයි. ආමාශගත රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා රෝස

🔴 තුලා ලග්නය

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අවිවේකි බව ඉස්මතු වෙයි. විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වීම වැදගත්. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසදන රෝග දෙයි. ජය අංකය: 07 ශුභ වර්ණය: සුදු

🔴 වෘශ්චික ලග්නය

උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. නමුත් විවේචනයට ලක්වෙයි. ඉවසීම වැදගත්. පහත් ඇසුරට ඉඩ තිබේ. දුර දිග කල්පනාව මැනවි. ප්‍රේම සබඳතාද ඇති වෙයි. භූමි ලාභ ගෙනදෙයි. හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි. ජය අංකය: 04 ශුභ වර්ණය: රතු

🔴 ධනු ලග්නය

ක්‍රියාශීලි දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා ඇතිවෙයි. ආගමික වාතාවත් ගරු කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේවලට හේතුයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කහ

🔴 මකර ලග්නය

අවිවේකි දිනකි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර දහමටද ළැදිව ක්‍රියාකරයි. ආගමික පුද පූජා, දානමානාදී කර්තව්‍යයන්හි යෙදේ. සෙම්කෝප රෝග ද මතු කරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්

🔴 කුම්භ ලග්නය

නිදහස් මනසින් දවස ගත කරයි. ආධ්‍යාත්මික ගුණ වගාවන්හි යෙදේ. තම ඇසුරු කරන්නෝද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. මූල රෝග, බඩවැල් ආශ්‍රිත රෝග ද මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: තැඹිලි

🔴 මීන ලග්නය

මහජන ප්‍රසාදයට පත්වන අතර පොදුසේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ආගමික වතාවත්, පුද පූජා, දාන මානාදි ක්‍රියාවන්හි ද යෙදේ. වැයපස ද තරමක් ඉහළ යයි. සෙම් බහුල රෝග, පෙණහලු රෝග මතු වේ. ජය අංකය: 09 ශුභ වර්ණය: රෝස