අද හදිසි ධන වාසනාවක්..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙනම බලන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Sep 06, 2024 12:14 AM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සැලසුම් යෙදෙන අතර ප්‍රීති සාද උත්සව වැනි දේවල් ද යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියා යෙදේ. ක්‍රියාකාරකම් වැඩි වන අතර ප්‍රසාදයට පත් වෙයි. සෙම් කෝප රෝග ද මතු කරයි.

🔴 වෘෂභ ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරි බහුල වෙයි. අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන විනෝදජනක ක්‍රියාවන්වලට සහභාගි වන දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. මුත්‍රා රෝග ආසාදන මතු කරයි.

🔴 මිථුන ලග්නය

තරමක් අවිවේකී දිනකි. ගමන් බිමන් බහුල දිනකි. සතුරු බලපෑම් දමනය වෙයි. දුර දිග බලා ක්‍රියා කළ යුතු මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ගෙන දෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

🔴 කටක ලග්නය

අවිවේකී දිනකි. තම ව්‍යාපාර නිර්මාණ ඇගැයීමට ලක් වන දිනකි. විදෙස් ගමන් යෙදේ. වාද විවාද ජය ගනී. තම බලාපොරොත්තු තරමක් ජය දෙයි. හදිසි ධන ලාභ ද ලබයි. ප්‍රසාදයට පත් වෙයි. සිරස ගත රෝග, උෂ්ණ රෝග මතුවේ.

🔴 සිංහ ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව නිවාස ලාභ ලැබීම්වලට හේතු ගෙන දෙයි. රැකියාවේ ප්‍රවර්ධනයට හේතුයි. හදිසි ධන වාසනා ඉස්මතු වෙයි. සන්ධි ප්‍රදාහ රෝග සෑදෙයි.


🔴 කන්‍යා ලග්නය

තරමක් ශුභඵල ගෙන දෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. ව්‍යාපාරවල බාධා මතු වෙයි. ආර්ථික වශයෙන් පහත වැටේ. සෙම් බහුල වීමෙන් රෝග සෑදේ.

🔴 තුලා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකියාවේ යෙදේ. භූමි ලාභ සම්පත් දායක වන දිනකි. දුරස්ථව සිටි ඤාතීන් සමීප වෙයි. සිරසගත රෝග ද සෑදෙයි.

🔴 වෘශ්චික ලග්නය

ශුභවාදීය. ලාභ දෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විනෝද ජනක කටයුතු වල යෙදේ. වැය පස ඉහළ යයි. ආමාශ ගත රෝග සාදයි.

🔴 ධනු ලග්නය

ශුභවාදී ඵල මතු කරයි. තම ඤාතීන් ඒක රාශීව ක්‍රියා කරයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. ප්‍රිය සාද වැනි දේ සංවිධානය කෙරේ. දුරගමන් ද යෙදේ. නව මිතුදම් ඇති වෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

🔴 මකර ලග්නය

ශුභා ශුභ ඵල මතු කරයි. යටපත්ව තිබූ සතුරු බලවේග ඉස්මතු වීමෙන් සිත් චංචල වෙයි. දහමට ද ලැදිවෙයි. ආගමික උත්සව සංවිධානය කෙරේ. වැය පස ද තරමක් ඇතිවන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

🔴 කුම්භ ලග්නය

ශුභා ශුභ ඵල දෙන අතර සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සමිති සමාගම් වැනි දේවලට සහභාගි වෙයි. ප්‍රසාදයට පත් වෙයි. දහමට ලැදි වේ. හදිසි ධන වාසනා මතු වේ. සන්ධි ප්‍රදාහ රෝග ඇති වේ.

🔴 මීන ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල ගෙන දෙයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. තම ඤාතීන් වෙනුවෙන් තරමක් වැය පස ඉහළ යන ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරන අතර සන්ධි ඉදිමුම් වැනි රෝග මතු කරයි.