අද ශුභ ඵල ගෙන දෙන ලග්න 06 ක්..ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න..

Sri Lanka Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 11, 2023 11:06 PM GMT
Aruna

Aruna

Report

මේෂ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. සෘජුව ක්‍රියාකළයුතු දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. මංගල සාද, ප්‍රීති උත්සව වැනිදේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. පෙනෙන නොපෙනෙන සතුරන් දමනය වෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

වෘෂභ ලග්නය

ක්‍රියාශීලියි. නව ක්‍රියා ඇරඹීමට ශුභයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. හැරගිය මිතුරන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රීති උත්සව ද යෙදෙන දිනකි. උගත් මිතුරන් අසුරට පත්වන දිනකි. හදිසි පීඩා, කැඩුම් බිඳුම් වලට හේතුයි.

මිථුන ලග්නය

ලිපි ලේඛන කලාවෙන් ජයදෙන දිනකි. ප්‍රීති සාද, උත්සව යෙදෙන අතර වැදගත් මිතුරුදමකට හේතුයි. නව නිර්මාණකරණයට ශුභයි. යටපත්ව තිබූ ශක්තීන් නැවත ඉස්මතුවන අතර ලාභ ලබන දිනකි. සෙම්කෝප රෝග මතුකරයි.

කටක ලග්නය

තම සැලසුම් ජයගනී. උනන්දුවෙන් දවසේ ක්‍රියාකරයි. උත්සව, සාද වැනි දේවල්වලට ද සහභාගි වෙයි. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා ඉටුකරයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. සිරසගත රෝග මතුකරයි.

සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. තම නිවසේ උත්සවශ්‍රියාවක් ඇතිකරයි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. සෙම් රෝග, පෙනහලු රෝග මතුවේ.

කන්‍යා ලග්නය

ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ක්‍රියාකාරකම් සඳහා මඟපෙන්වීම්, උපදෙස් ලබාදීම වැනි දේට හේතුයි. ප්‍රීති සාද, විනෝදජනක ක්‍රියා වැනි දේවලට හේතුයි. හදිසි ලාභ ද ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝගාදියට හේතුයි.

තුලා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල දේ යෙදේ. බුද්ධිමත්වීම මැනවි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන්. තම අරමුණු ජයගනී. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

වෘශ්චික ලග්නය

තම මතයට ක්‍රියාකරයි. අවාසි සැලසේ. රැවටිලිකරුවන් නිසා ධනහානි වීමට ඉඩ තිබේ. මංගල සාද යෙදේ. විදෙස් ගමන් සඳහා ක්‍රියාකිරීමට ශුභ දිනකි. භූමිලාභ ගෙනදෙයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතුවේ.

ධනු ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ආගමික උත්සව වලට සහභාගිවීමට හේතුයි. පොදු උත්සව වලට ද යොමුවෙයි. මනසට සුවයක් දැනේ. ප්‍රීති සාද වලට ද යොමුවෙයි. සිරසගත රෝග වලට ද හේතුයි.

මකර ලග්නය

ශුභවාදීව සිතා කටයුතු කරන දිනකි. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ආගමික වතාවත්, පුද පූජාවල නිරත වන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදෙන දිනකි. පෙනහලු ආශ්‍රිත රෝගවලට හේතුයි.

කුම්භ ලග්නය

ශුභවාදී ඵල දෙයි. ප්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වැයපස අධික දිනකි. තරමක් සිත් චංචල කරවන ප්‍රශ්න ද පවතී. මුත්‍රා රෝග සාදයි.

මීන ලග්නය

ශුභඵල මතුකරයි. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. ආගමික වතාවත් ගරු කරන අතර ආගමික උත්සව වලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ආර්ථිකය දියුණුවට පත්වෙයි. ආමාශගත රෝග සාදයි.

ReeCha