අයියාගේ තරඟ තහනම් වෙද්දී මල්ලීට ක්‍රිකට් වරම් හිමිවෙයි
Cricket
Sri lanka
kusal mendis
By Sithumi
තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්ගේ බාල සොහොයුරා වන ඔමේෂ් මෙන්ඩිස්ව ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 පහළ කණ්ඩායම වෙත තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව අවුරුදු 19 පහළ කණ්ඩායමේ 65 දෙනෙකුගෙන් යුතු මුලික සංචිතය සඳහා ද ඔමේෂ් මෙන්ඩිස් තේරීපත්ව තිබෙනවා.
පසුගිය සඳුදා දිනයේ දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය ඔමේෂ් වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
අවුරුදු 19 පහළ කණ්ඩායමේ පුහුණු වීම් පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ඔමේෂ් මෙන්ඩිස් ද අතිදක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවයි සඳහන් වන්නේ.
ඔමේෂ්ට මෙම සතුටුදායක ආරංචිය ලැබෙන අවස්ථාවේ කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් තහනම් කර තිබීමද කණගාටුදායක කරුණකි.
