ලක්ෂ 30කට වග කියන්න ගිය නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

Report

කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීමට අදාළව අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට පත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මොහු ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිය.

ලක්ෂ 30ක් අල්ලස් ගන්න ගොස් ඇල්ලූ කුරුණෑගල නියෝජ්‍ය පුරපති අධිකරණයට

ලක්ෂ 30ක් අල්ලස් ගන්න ගොස් ඇල්ලූ කුරුණෑගල නියෝජ්‍ය පුරපති අධිකරණයට

කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදුකිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි වූ අතර, අවසානයේදී ජාතික ජන බලවේගය වෙනත් පාර්ශ්වයන්ගේ සහාය ඇතිව බලය තහවුරු කර ගනු ලැබීය. ‍

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

එහිදී ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ මොහොමඩ් මොයුනුදීන් මහතාද සහාය පළ කළ අතර ඔහු සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්කෙරුණේ ඒ අනුවය. අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි.නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබුණි.

ජූනි මාසයේදී රනිල් නැවතත් කරළියට - හරීන් ප්‍රනාන්දුගෙන් දේශපාලන නිවේදනයක්

ජූනි මාසයේදී රනිල් නැවතත් කරළියට - හරීන් ප්‍රනාන්දුගෙන් දේශපාලන නිවේදනයක්