දීර්ඝ කාලයකට පසුව කුරුණෑගල කොවිඩ් ආසාදිත මරණයක්.

COVID-19 Ministry of Health Sri Lanka Death
By Wayomi Apr 12, 2024 10:09 AM GMT
Wayomi

Wayomi

Report

දීර්ඝ කාලයකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තා වී තිබෙනවා.

එලෙස මියගිය පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති අතර ඇතිවූ සැකයක් මත සිදු කළ PCR පරීක්ෂණයකින් මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදු යුතු බවත්, ⁣කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් බවත්ය.

මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා. 

ReeCha