කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් පොත් නැවතත් අලුත් කරයි..

Kumar sangakkara Sri Lanka muththaiya muralidaran ICC world
By Aruna Jun 14, 2021 04:05 AM GMT
Aruna

Aruna

Report

 අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඇතුළත් කර තිබෙනවා.

ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින්.

ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

කුමාර් සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයින් දස දෙනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, එහිදී 1918 වසරට පෙර කාලය, 1918 - 1945 කාලය, 1946 - 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 - 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

කුමාර් සංගක්කාර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 - 2016 කාලයට අදාළවයි.

ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් පමණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha