නායයෑමේ අවධානමක් හේතුවෙන් මේ මාර්ගය වසා දමයි - විකල්ප මාර්ග භාවිත කරන්න
By Kanchana
කොත්මලේ ප්‍රදේශයට (14) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය (14) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා සදහන් කර තිබේ.
එම මාර්ගයේ මීට ප්‍රථම නාය ගිය පරගම්මන ප්‍රදේශයේ යලිත් මාර්ගය ඉරිතලා නායයෑමේ අවධානමක් පවතින නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමූ බව වාර්තා වේ.
ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි .