හෙට දිනයේදී පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
By Kanchana
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට ද හෙට (10) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .
ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිතයන්ට සුබ ආරංචියක්- අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08කට අයදුම්පත් කැඳවෙයි