හිටපු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් - වහාම ක්‍රියාත්මක වන පරිදි හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවයි
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින්, හිඟ වැටුප් ද සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.
ඉකුත් 2024 වසරේ ජූලි මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සේනාධීර මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති
ඒ තමන්ට හිමි නිල නිවස සඳහා අනවසරයෙන් විදුලිය සහ ජලය ලබා ගත් බවට එල්ල වූ චෝදනා පදනම් කරගනිමින්.
එසේ වුවත් අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් මාස 27ක කාලයක් තිස්සේ සාක්ෂිකරුවන් 20කට අධික සංඛ්‍යාවකගෙන් කරුණු විමසමින් සිදු කරන ලද දීර්ඝ හා විධිමත් විමර්ශනයකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
එසේම කෝසල සේනාධීර මහතා අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම මහෙස්ත්‍රාත්වරයා වශයෙන් ද කටයුතු කරයි.