කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන් වූ අරවින්ද ද සිල්වා සහ බිරිඳ ඇපයෙන් නිදහස් කෙරේ

Report

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප තබා සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අදාළ ඇපකරගැනීම්වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් විසින් තබන ලද ඇප රාජසන්තක වීමෙන් අනතුරුව, ගෙවීමට නියමිතව තිබූ ඉතිරි රුපියල් මිලියන 20ක මුදල අධිකරණය හමුවේ ගෙවා නිමකිරීමෙන් පසුව මෙලෙස ඇපයෙන් නිදහස් කර ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

අදාළ නඩුවේදී රාජසන්තක වූ රුපියල් මිලියන 40ක මුදලින් රුපියල් මිලියන 20ක මුදලක් මීට පෙර පැවැති නඩු වාරයේදී ගෙවා තබන ලද අතර, ඉතිරි මුදල ද අද (07) දින ගෙවා අවසන් කිරීමත් සමඟ ඔවුන් මෙලෙස ඇපකරකාරීත්වයෙන් නිදහස් කිරීමට නියෝග කෙරිණි.

හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්

හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්