කොරියානු ගමන නතර වුණු 48 දෙනාට ඇත්තටම සිදුවූ දේ මෙන්න..

Bandaranaike International Airport Manusha Nanayakkara Sri Lanka South Korea Foreign Employment Bureau
By Aruna May 25, 2023 01:44 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකන් ගුවන් යානයක් පමා වීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තු වූ ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා සිහිනය බොඳ වී ඇතැයි පළ වී තිබෙන වාර්තාව අසත්‍ය බව වාර්තා වී තිබෙනවා.

මෙම ශ්‍රමිකයින් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මැයි 23 වෙනි දින රාත්‍රී 8.00 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය නියමිත වෙලාවට ගුවන්ගත කළ නොහැකි වූ නමුත් යානය මැයි 24 වෙනි දින උදෑසන 6.00 ට ගුවන් ගත කළ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේදී කළමණාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රමිකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ශ්‍රමිකයින් ලබන ජුනි මස 04 වෙනි දින නැවත පිටත් කරන මෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.ජී.ජී. එස් යාපා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now