පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක්.. නොහිතපු ලෙස 48 දෙනෙකුගේ කොරියානු සිහිනය සුන් වෙයි.. කොරියාවෙන් වහාම මෙරටට දැනුම්දීමක්..

Colombo Sri Lanka Department of Immigration & Emigration Passport South Korea
By krishani May 24, 2023 02:48 AM GMT
krishani

krishani

Report

ඊයේ (23) දිනයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනකු එරටට භාර ගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශ යටතේ දකුණු කොරියාවේ සේවය සඳහා තෝරාගෙන තිබූ 48 දෙනා ය.

ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙරට සිට ඊයේ කොරියාව බලා පිටත්වීමට නියමිතව සිට ඇත.

ඔවුන්ට එම ගුවන් යානය ගුවන් ගත කිරීමට පැය 10කට වැඩි කාලයක් ගතවන බවට දැනුම්දී තිබෙනවා.

ඒ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්‍ ය.

ඉන්පසුව එරටට එම ශ්‍රමිකයන් ඊයේ නොඑවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙරටට දැනුම්දී ඇත.

එම සිදුවන ප්‍රමාදය හේතුවෙන් එරට මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාලය කළමනාකරණය කිරීමේ ගැටලු මතුවන බැවින් අදාළ ශ්‍රමිකයන් පිරිස ඊයේ එහි භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ,

නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බව ය.

"ඊයේ දිනයේ දී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට සිටි 48දෙනෙකුගේ ගමන ප්‍රමාද වෙනවා. ඊට හේතුව වෙන්නේ තාක්ෂණික හේතුවක් මත ඊයේ දින දකුණු කොරියාවට යෑමට තිබු යු.එල් 470 දරන ගුවන් යානයේ ගමන ප්‍රමාදවීම.ඒ අනුව මේ 48දෙනා ගැන අපට කළ දැනුම්දීම අනුව නැවත වතාවක් ගුවන්ගමන වෙන් කිරීමට සිදුවෙනවා.කෙසේ නමුත් මේ 48 දෙනාටම සුදානම් කර තිබු අයුරින් ගුවන් ගමන ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට යෑමට අවස්ථාව ලැබෙන්නේ නෑ.මේ අය අතර ගිය වර කොවිඩ් වැලඳී සුවය ලබා නැවත දින වෙනස් කරගත් 2කු සිටියා.යම් ආකාරයෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාදය මත රැකියා අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න පුළුවන්." යනුවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join