පස් දෙනෙකුට මරු කැදවූ කොල්ලුපිටිය බස් අනතුරේ රියදුරු සහ සහයක ගැන ගත් තීරණය..
Sri Lanka
Accident
By Sewvandhi
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් සිදු වූ අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුට සහ සහයකයාට සතියක රාජකාරි නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
අද(07) අනතුරින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා විසින්, මෙම අනතුරින් පසුව මේ වනවිට පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව අධ්‍යනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි තත්ත්වයන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
