රටම කළඹවමින් පැහැර ගැනීමට ලක් වූ සිසුවිය නොහිතපු තැනකින් හමුවේ..
ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.
ඒ අම්පාර ප්‍රදේශයේදී.එහිදී ඇය සමග සිටි සැකකරුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
අද උදෑසන මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටිය දී පැහැරගැනීම සිදුකළ පුද්ගලයා හා අදාළ පාසල් සිසුවිය පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේඑදා පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.
සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටි මෙම ඥාති සහෝදරයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර තිබෙ.
කෙසේවෙතත් මේ වනවිට තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.
You may like this video