එයා එක පාරක් හරි කිව්වා නම් අපි මේ විවාහය නතර කරනවා.. ඉන්දියාවම කම්පා කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගේ ඝාතනය - පෙම්වතිය හෙළි කළ දෙයින් පූනේ කැළඹෙයි

Report

විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉන්දියන් රුපියල් කෝටි 17ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 270කට අධික) වැය කරමින් රාජස්ථානයේ සුපිරි මාලිගාවක් වෙන්කර, අමුත්තන් සඳහා පෞද්ගලික ගුවන් යානා දෙකක් පවා සූදානම් කර තිබූ දැවැන්ත මංගල සිහිනයක් සැබෑ වීමට මොහොතක් තිබියදී මනමාලයව ඝාතනය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ තරුණ ව්‍යාපාරික කේතන් අගර්වාල්ගේ අද්භූත මරණයි. මුලදී හදිසි අනතුරක් ලෙස සඳහන් කළත් ඔහුගේ සහෝදරියගේ සැකය මත එය ඔහුගේ අනාගත මනාලිය සහ ඇගේ රහස් පෙම්වතා විසින් සිදුකරන ලද සාහසික ඝාතනයක් බවට පූනේ ග්‍රාමීය පොලීසිය විසින් හෙළි කර ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විටත් මුළු මහත් ඉන්දියාවම කම්පාවට පත් කළ මෙම සිද්ධියේ සැකකරුවන් දෙදෙනා මේ වන විට දින 7ක පොලිස් අත්අඩංගුවට පත් කර ැති බව සඳහන්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වන විශාල් අගර්වාල්ගේ පුත් 25 හැවිරිදි කේතන් අගර්වාල් පසුගිය ජූනි 18 වෙනි දින ලෝහගාඩ් බලකොටුවේදී අඩි 350ක ප්‍රපාතයකට වැටී මියගොස් තිබුණා.

අනියම් සම්බන්ධතා 3ක් තිබ්බා ඒවා බිරිඳට කියන්න බය වුණ නිසා එප්ස්ටයින් මාව බ්ලැක්මේල් කළා - ප්‍රකට බිලියනපති බිල්ගේට්ස්ගෙන් පාපොච්චාරණයක්

අනියම් සම්බන්ධතා 3ක් තිබ්බා ඒවා බිරිඳට කියන්න බය වුණ නිසා එප්ස්ටයින් මාව බ්ලැක්මේල් කළා - ප්‍රකට බිලියනපති බිල්ගේට්ස්ගෙන් පාපොච්චාරණයක්

ඒ සිය පෙම්වතිය සමඟ කඳු තරණයක යෙදී සිටියදීයි. මෙම අනතුරෙන් පසු කේතන්ගේ 20 හැවිරිදි පෙම්වතිය වූ සියා ප්‍රවීන් ගෝයල්, ඔහුගේ පවුලේ අයට දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ බලකොටුව තරණය කරමින් සිටියදී ඡායාරූපයක් ගැනීමට යාමේදී කේතන් පය ලිස්සා ප්‍රපාතයට වැටුණු බවයි.

අනතුරුව පැය තුනක මෙහෙයුමකින් පසු කේතන්ගේ සිරුර සොයා ගෙන තිබූ අතර ලෝනාවාලා ග්‍රාමීය පොලීසිය මුලින් එය හදිසි අනතුරු මරණයක් වශයෙන් සටහන් කර ගෙන තිබුණා.

එහෙත් කේතන්ගේ මරණයෙන් පසු ඔහුගේ පෙම්වතියගේ හැසිරීම සම්බන්ධයෙන් කේතන්ගේ සහෝදරියට දැඩි සැකයක් මතුව ඇත.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ඒ කේතන්ගේ අවමංගල්‍ය උත්සවයෙන් දින හතරකට පසු සියා ගෝයල් ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී, සහෝදරිය ඇගෙන් ඇසූ ප්‍රශ්නවලට සියා දුන් පරස්පර විරෝධී සහ මගහැර යන සුළු පිළිතුරු හේතුවෙන්.

ඒ අනුව කේතන්ගේ සහෝදරිය, පවුලේ අය සමඟ එක්ව පොලීසියෙන් නැවත පරීක්ෂණයක් ඉල්ලා ඇත. එම ඉල්ලීම මත පොලීසිය තාක්ෂණික සාක්ෂි සහ CCTV දර්ශන පරීක්ෂා කළ අතර එහිදී හිස ආවරණය වන පරිදි 'හුඩියක්' පැළඳගත් අද්භූත පුද්ගලයෙකු කේතන් සහ සියා ගමන් කළ වාහනය පසුපස හඹායන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබීම දැකගත හැකි විය.

පසුව සිදු කළ විමර්ශනවලදී ඔහු පූනේ නුවර BBA උපාධිය හදාරන 22 හැවිරිදි චේතන් බාබුලාල් චෞද්‍රි බවටත්, වාණිජ විද්‍යා ශිෂ්‍යාවක වන සියා සහ චේතන් වසර තුනක සිට සබඳතාවක් පවත්වා ඇති බවත් හෙළි විය.

එසේම මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස කිහිපය තුළ පමණක් ඔවුන් දෙදෙනා වාර 2,004ක් දුරකථනයෙන් සම්බන්ධ වී පැය 238කට වඩා වැඩි කාලයක් FaceTime සහ WhatsApp හරහා කතා කර ඇති බවත් අනාවරණය වී ඇත.

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

අනතුරුව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් දෙදෙනාම අපරාධය පිළිගෙන ඇති අතර සියාට කේතන් සමඟ විවාහ වීමට අවශ්‍ය වී නොමැති බවත්, ඇය චේතන් සමඟ එක්ව කේතන්ව ජීවිතයෙන් ඉවත් කිරීමට මෙම රහසිගත කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් හෙළිව ඇත.

එහිදී චේතන් කලින්ම බලකොටුවට පැමිණ මොවුන් පසුපස ගොස් ඇති අතර, සියාගේ උපන්දිනය දිනට පෙර දින ඇය කේතන්ව මෙම බලකොටුව වෙත බලකර රැගෙන ගොස් ඇති බවත් එහිදී සියා සහ චේතන් එක්ව කේතන්ව ප්‍රපාතයට තල්ලු කළ බවත්, පොලීසිය මුලාවේ දැමීමට සියා සමාජ මාධ්‍ය වෙත ශෝකී සටහන් එක් කළ බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණවලට අනුව, සියා සහ කේතන් මීට පෙර දෙවතාවක්ම ලෝහගාඩ් බලකොටුවට ගොස් තිබූ අතර, එක් වතාවකදී කේතන් අවසන් මොහොතේ ගමන අවලංගු කර ඇත.

ඒ අනුව පොලීසිය සැක කරන්නේ මෙය කේතන්ව ඝාතනය කිරීමට ඔවුන් දැරූ සිවුවැනි උත්සාහය විය හැකි බවයි. කෙසේ වෙතත් කේතන් අගර්වාල්ට තම පෙම්වතිය සහ චේතන් චෞද්රි අතර ඇති සම්බන්ධය ගැන කිසිදු අදහසක් තිබී නැති වුවත්, ඇගේ දුරකථනය පැය ගණනක් කාර්යබහුලව පවතින බැවින් යම් දෙයක් වැරදී ඇති බව ඔහුගේ පියා වන විශාල් අගර්වාල් වෙත පවසා ඇති බව සඳහන්.

ඒ අනුව සියා වෙනත් පිරිමියෙකු සමඟ සම්බන්ධතාවයක සිටින බව සඳහන් කළේ නම් තම පවුලේ අය විවාහය නවතා දමනු ඇති බව කේතන්ගේ පියා සඳහන් කරයි.

පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි

පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි

"එයා සතුටින් නෑ කියලා අපි දැනගෙන හිටියේ නෑ. අනිත් හැම දවසකම කේතන් සහ සියා රෑ කෑමට යනවා. එයා එයාට, මගේ දුවට සහ මගේ බිරිඳට කතා කළා... සියා කවදාවත් මගේ පුතාට එයාගේ සම්බන්ධය ගැන කිව්වේ නැහැ. කොහොම වුණත්, එයා එක පාරක් මට කිව්වා සියාගේ ෆෝන් එක වේටින් එකේ තියේවි කියලා... එයාගේ ෆෝන් එක නිතරම කාර්යබහුලව තිබුණා,"

කේතන්ගේ පියා පවසා තිබුණේ අවසානාවන්ත ඉරණමකට උරුමකම් කියූ තම පුතාගේ මරණය දරාගත නොහැකිවයි.

කෙසේ වෙතත් ලෝනාවාලා ග්‍රාමීය පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය අපරාධ විමර්ශන අංශය එක්ව මෙම අමානුෂික ඝාතනයේ සැකකරුවන්ට වෙනත් කිසිවෙකු හෝ උදව් උපකාර කර ඇත්දැයි සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.  

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි