කෙන්යාවේ නායයාමකින් 21ක් මරුට - 30කට ආසන්න පුද්ගලයින් අතුරුදන්

Report

කෙන්යාවේ රිෆ්ට් වැලි (Rift Valley) ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.

අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ මෙම නායයාම් හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර, තුවාල ලබන්නන් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යාමට ආපදා කළමනාකරණ අංශය පියවර ගෙන තිබේ.

එසේම, නිවාස 1,000කට වැඩි ප්‍රමාණයක් ද මෙම ආපදාවෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරයි - ජනාධිපති අනුර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරයි - ජනාධිපති අනුර

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි