හල්දුම්මුල්ල රක්ෂිතයේ කංසා හේන් 6ක් වටලයි

Report

හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයෙ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් පොලීසිය විසින් වටලා එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කංසා හේන් 6හි විශාල ගස් 85,000කට වැඩි ප්‍රමාණයක්ද, කුඩා පැළ තවාන් 4ක්ද තිබී ඇති අතර ඒ සියල්ල පුලුස්සා දමා විනාශ කළ බව පොලීසිය සඳහන් කරයි.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බේගමුව හා කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් අද (03) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. මේ පිළිබඳව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වේ.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි