භයානක තත්ත්වයක් හැමතැනම පැතිරිලා - මරණ ගණනත් වේගයෙන් ඉහළට

Report

සෞඛ්‍ය අංශ මඟින් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු, මැලේරියාව සහ බරවා රෝග ව්‍යාප්තියේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි බව පවසයි.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 22 ක් සහ ඩෙංගු රෝගීන් 41,551 ක් වාර්තා වී ඇති බව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් එම ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය ගෙවුණු සම්පූර්ණ වසරේදී ඩෙංගු රෝගීන් 49,870 ක් සහ ඩෙංගු මරණ 24 ක් වාර්තා වූ බව පැවසුවා.

එසේම ඩෙංගු අවදානම් කලාප වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, යාපනය, මඩකළපුව, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

එමෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් ඉහළම ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා. ඇය අවධාරණය කළේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඉලක්ක කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක බව වෛද්‍ය සමරවීර මහත්මිය සඳහන් කළා.

එබැවින් වර්ෂාවත් සමඟ වර්ධනය විය හැකි මදුරු ඝනත්වය පාලනය කිරීමට, ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන සක්‍රීයව විනාශ කිරීමට පියවර ගන්නා මෙන් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

තවද ඇය පෙන්වා දෙන්නේ දින දෙකකට වඩා උණ තත්ත්වයක් පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍ය බවයි. එසේම මැලේරියා මර්දන ව්‍යාපාරය දක්වන ලෙස ඉකුත් වසරට සාපේක්ෂව මැලේරියා රෝගීන්ගේද වර්ධනයක් පවතී.

ගෙවුණු වසරේදී මැලේරියා රෝගීන් 38 දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වුවද මෙම වසරේ මුල් මාස 10 තුළ මැලේරියා රෝගීන් 37 දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවා.

එමෙන්ම වාර්තා වී ඇති මැලේරියා ආසාදිතයන්ගෙන් සියයට 90 ක් පමණ අප්‍රිකානු රටවල සිට පැමිණි පුද්ගලයන්.

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

ඒ අනුව අප්‍රිකානු රටවල සංචාරය කිරීමේදී මෙන්ම, නැවත මෙරටට පැමිණීමේදී මැලේරියා මර්දන ව්‍යාපාරය හෝ ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකක වෙත යොමු වී අදාළ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළා.

එසේම මැලේරියා රෝග ලක්ෂණ ඩෙංගු වැනි රෝග ලක්ෂණවලට බෙහෙවින් සමාන බැවින්, සැක සහිත රෝගීන් මැලේරියා පරීක්ෂණයක් සිදු කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

ඊට අමතරව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසංග සේරසිංහ මහතා ගෙවුණු වසරට සාපේක්ෂව බරවා රෝගීන්ගේද වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බව පැවසුවා.

ඒ අනුව ඉකුත් වසර තුළ බරවා රෝගීන් 28 දෙනෙකු වාර්තා වූ අතර, මෙම වසරේ ගතවූ මුල් මාස 10 තුළ එම සංඛ්‍යාව 30 දක්වා වර්ධනය වී ඇත.

එමෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගීන් වාර්තා වන බවද ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා නොගතහොත් බරවා රෝගයේ සංකූලතා ඉහළ ගොස් විකෘතිතා පවා ඇති විය හැකි බවයි.

එබැවින් බරවා රෝගීන් හඳුනාගැනීමට රාත්‍රි කාලයේදී සිදුකරන විශේෂ රුධිර පටල පරීක්ෂාවන් සඳහා නිවෙස් වෙත පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ට ජනතාවගේ සහාය ලබා දෙන මෙන් සේරසිංහ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න