''පාසල් දසදහසක් තිබුණද දරුවන් සහ ගුරුවරුන් තරගවදින්නේ පාසල් 300කට ඇතුළු වෙන්න '' අගමැතිනිය කියයි

Report

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සදහන් කරන්නේ මෙරට පාසල් දසදහසකට අධික සිසුන් සහ ගුරුවරුන් පාසල් 300කට ඇතුළු වීමට තරග කර ඇති බවයි.

මෙම අදහස් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ඩී එස් සේනානායක ජාතික පාසලේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

අග්‍රාමාත්‍යවරිය සියලු පාසල් එකම තලයකට ගෙන ඒම මේ සදහා හොදම විසඳුමක් බව සදහන් කරන ලදි .

නිධන් හාරන්න ගිය සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් අත්අඩංගුවේ

නිධන් හාරන්න ගිය සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් අත්අඩංගුවේ

ඒ වගේම මේ අවස්ථාව එය සිදු කිරීමට සුදුසුම වේලාව බවද ප්‍රකාශ කර තිබේ .

මෙහිදී ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ ප්‍රායෝගික ගැටලු පිළිබදව සාකච්ජා කර ඇත.

අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවේ, පාසල් සිසුන්ගේ අරමුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන ක්‍රමයන් හරහා ගැටලු විසඳීම අවශ්‍ය බව ද පෙන්වා දෙනු ලබීය.

ඊට අමතරව, අග්‍රාමාත්‍යවරිය අල් අස්‍රක් විදුහලේදීද ගුරුවරුන්ට දැනුම් දීම සහ ගැටලු සාකච්ඡා කිරීමේ වැඩසටහනකට සහභාගී වී තිබුණි.   

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න