කොටපොළ සමූපකාරයත් සුද්දයි අධ්‍යක්ෂ ධුර 07ම පොදු විපක්ෂයට

Report

කොටපොල විවිධ සේවා සමූපකාර ප්‍රාදේශීය නිලවරණය පැවැත්වූ අතර එහි බහුතර බලය හිමි කර ගැනීමට සමත් වූයේ සමඟී බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයයි.

ඒ අනුව දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සමස්ත නියෝජිතයන් සිය දෙනා අතරින් හැට පස් දෙනෙකුම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් ඉදිරිපත් වී තිබෙන බවට සඳහන් වෙයි.

එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 25 දෙනෙකු පමණයි.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි මන්ත්‍රීවරුන් 06දෙනෙකු සහ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද මෙවර නිලවරණය සඳහා තරග කළ නමුත් ඔවුන් සියලු දෙනාම පරාජය වී තිබෙනවා.

ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට ඉදිරියේදී කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න