ඉන්දියාවේ බස් අනතුරකින් 20ක් මරුට [UPDATE]

Report

මේ වනවිට  මෙම  අනතුරින් මිය  ගිය ගණන 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එරට වාර්තා පැවසුවේ තෙලන්ගානා රාජ්‍ය මාර්ග ප්‍රවාහන සංස්ථාවට අයත් බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ඉන්දියාවේ බස් අනතුරකින් 16ක් මරුට ----------@11.45AM

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දරුණු රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 40ක් පමණ ගමන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ටිපර් රථයේ රියදුරු සහ තවත් මගීන් අටදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවය.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි