අලි එලවන්න අලි වෙඩි වලට මිලියන 463 ක් ගිහින්
මේ වසරේදී ගම් වදින අලි පන්නා දැමීම සඳහා (2025) අලි වෙඩි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සපයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සදහන් කර තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කර ඇත්තේ දෙපාර්තමේන්තුව විසින් මේ වසර සඳහා අලි වෙඩි 2,090,000 ක් ලබා දී තිබෙන බවයි.
ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද විමසීමකදී වේ.
එම දෙපාර්තමේන්තුව විසින් අලි වෙඩි සදහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 463 කි.
ඒ වගේම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි ගම් වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් 437 ක් නඩත්තු කරනු ලබයි.
එම විදුලි වැටවල්වල දුර ප්‍රමාණය කිලෝමීටර් 5,643.53 කි.
තවද පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ විදුලි වැටවල් 85 ක් සකස් කර තිබේ ඒ වගේම විදුලි වැටෙහි දුර කිලෝමීටර් 1173.19 කි.
ඒ අනුව වැඩිම විදුලි වැට සංඛ්‍යාවක් සකස් කර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේ.
මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා වූ කාලය තුළදී අලි මරණ 343 ක් පමණ වාර්තා වේ.
එම කාලය තුළ වෙඩි වැදීමෙන් අලි 59 දෙනකු මියගොස් ඇති අතර, විදුලි සැර වැදීමෙන් මියගිය අලි සංඛ්‍යාව 49 ක් වේ.