මහජනතාවට සුභ ආරංචියක් - අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට රජයෙන් නිවාස

Report

“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස සිහිනය සෑබෑ කරලීමේ අරමුණෙන් නව නිවාස ඉදිකිරීමේ කටයුතු හා ඉදි කළ නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීමේ කටයුතු මේ දිනවල සිදුවේ.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිමැටියාව වෙම්බු වැව, අමුණු වැව ග්‍රාම නිලධාරී වසමේ රජවිගම හා කැලේ වැව ග්‍රාම නිලධාරී වසමේ නිවාස තුනක මුල් ගල් තැබීම සහ කුරුළු වැව ග්‍රාම නිලධාරී වසමේ හා කැලේ වැව ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි කළ නිවස දෙකක් විවෘත කිරීම ඊයේ සිදු කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

ග්‍රාම නිලධාරීන් ඇතුළු ගමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ග්‍රාමීය කමිටු මගින් තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී නිවාස අහිමි පවුල් ඒකක පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශය ලැබුණු පවුල් මෙම නිවාස ප්‍රතිලාභීන් ලෙස සලකනු ලබන අතර එලෙස හඳුනා ගත් ග්‍රාමීය පවුල් සඳහා ඉදි කෙරෙන මෙම නිවාස අදාළ ප්‍රතිලාභීන් වෙත ලබා දීම කඩිනමි අවසන් කිරීමට නියමිතයි.

මෙම නිවාස ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය කමිටු ප්‍රධානීන් පිරිසක් එක්ව ඇත.