සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්...

Sri Lanka Political Covid vaccines Keheliya rabukwella
By Aruna Sep 14, 2021 07:33 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතිනම් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වයස 60ට වැඩි පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

මෙම වයස් කාණ්ඩයේ පිරිස් වලට කොවිඩ් වැළඳීම ඉහළ බවත්, කොවිඩ් වැළඳීමෙන් මිය යන පිරිසෙන් බහුතරයක් වයස 60ට වැඩි පුද්ගලයන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැරදි ආකල්ප සහ මතවාද නිසාද සමහරුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා තත්වයක් තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් එන්නත් ලබාගැනීම සඳහා පවතින උනන්දුව අඩුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කරුණු හේතුවෙන් තරුණ තරුණියන් තුළ එන්නත් ලබාගැනීමට තිබූ උනන්දුව අඩුවී ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා, "ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන්ගේ එන්නත් ලබාගැනීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

එක හේතුවක් හැටියට දැනට අපිට පෙනී ගිහින් තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාර.

කොවිඩ් -19 රෝගයට එන්නත ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා, දරුවො හැදීමේ හැකියාව නැති වෙනවා.. කියලා.

මේ ආකාරයේ විවිධ කතා තරුණ තරුණියන්ගේ ඔළුවලට වැටිලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් ලෝකෙ කරලා තියෙන පරීක්ෂණ අපි හොයලා බැලුවා.

කිසිම තැනකින් එහෙම වාර්තා වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ කරුණක්.

ඒ වගේම නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් අවුරුදු 30ට වැඩි පිරිසට තව සතියක් ඇතුළත එන්නත්කරණය නිමා කරන්න පුළුවන් වෙනවා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now