කෙහෙල් බද්දර පද්මෙලා හෙට ලංකාවට පොලීසියෙ 12ක් ආරක්ෂාවට

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news gagana news
By Mithu Aug 30, 2025 09:56 AM GMT
Mithu

Mithu

Report

සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙය වූ අපරාධ රැසකට වගකිවයුතු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් හෙට දිනයේ (31) දිවයිනට රැගෙන ඒමට නියමිතය.

ඒ අනුව ඉන්දුනීසියානු පොලිසියේ 12ක් ආරක්ෂාවට යොදවා ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ ඊයේ ලංකාවට රැගෙන ඒම සිදු විය. ඒ අතර කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ විමර්ශන ඒකකය මගින් ඇයව ප්‍රශ්න කිරීමට ලක් කෙරූ අතර අනතුරුව මුදා හරීමට කටයුතු කර තිබේ.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

ඒ වගේම පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඇති වූ බිය කෙතෙක්ද කියනවා නම් ඔවුන්ට සුළු දිය පවා පහ වූ බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන් අද දින (30) ලංකාවට රැගෙන ඒමට නියමිත වූවත් ඉන්දුනීසියානු පාර්ශවයේ යම් නීතිමය ගැටලු කීපයක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිසා එය ප්‍රමාද වූ බවට සඳහන් වේ.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

එමෙන්ම මේ වන විට මෙම සියලු අපරාධකරුවන් ලංකාවට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙන අතර එයට ඉන්දුනීසියානු පොලිසිය සහ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය මනා සහයෝගයක් දක්වා ඇති බවට වාර්තා වේ. අදාළ පිරිස ලංකාවට රැගෙන එන විට කටුනායක ගුවන්තොටුපොල ආශ්‍රිත පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවන බවටත් සඳහන් වේ.

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ