මගේ පම්වතා තමයි අකලංක, ඔහුත් මගේ පරම්පරාවේ වේදිකාවෙන් බිහිවුනු දක්ෂ රංගන ශිල්පියෙක්-කසුනි කාවින්දි

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Mar 12, 2023 04:40 PM GMT
Sithumi

Sithumi

Report

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙස ජය ගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි කසුනි කාවින්දි කියලා කියලා කියන්නේ.

ඒ වගේම පහුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ රසිකාගේ චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනාගත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන බයෝ කතා මාලාව නිසා තරමක් කාර්යය බහුලව කාලය ගත කරනවා කියලයි ඇය කියන්නේ.

මොකද එහි දෙවැනි කතා මාලාවේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කරල තියෙන නිසා. ඒ වගේම එම චරිතය ඇයට තරමක් විශේෂයි කියලත් කසුනි කියනවා. ඉතින් ඒ සඳහා ඇය ඇයගේ කොණ්ඩය වගේම මූණේ පාටත් වෙනස් කරගෙනලු දැන් ඉන්නේ. ඒ නිසා වෙනත් නිර්මාණ වල රඟපාන්න මේ දිනවල අපහසුයි කියලයි ඇය කියන්නේ.

ඊට අමතරව මෝර්ශන් කැප්චර් තාක්ෂණයෙන් ප්‍රධාන චරිතය කළ ගජමෑන් මේ දිනවල තිරගත වෙනවා. තව ඇය සුළු චරිතයකින් දායක වුණු වෙඩි නොවදින ළමයි චිත්‍රපටයද මේ දිනවල තිරගත වෙනවා.

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha