විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්..!

Ministry of Health Sri Lanka GMOA Sri Lanka Hospitals in Sri Lanka
By Sewvandhi Jan 18, 2024 04:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් කරාපිටිය රෝහලේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 16වන දා සිදුකිරීමට නියමිතව තිබූ පිළිකා ශල්‍යකර්ම සඳහා එදින පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබු බවයි, එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබු බව එම නිවේදනයේ සඳහන්ය.

අදාළ නිවේදනයේ ඊට පසුදින (17) වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල කාමරයට යමින් සිටින විට, ඔහුට එරෙහිව සෞඛ්‍ය සේවකයින් විසින් තර්ජනයක් එල්ල කර තිබූ බවත් දැක්වේ.

මේ පිළිබදව අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ අංශවලින් ඉල්ලීමක් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Sponsored By Sarrita Jewellery

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්..! | Karapitiya Hospital Doctor Remanded Incident

Gallery
ReeCha