CIDය භාරයේ සිටින හරක් කටාට සැප වැඩිවෙයි. - මහේස්ත්‍රාත්ගෙන් විශේෂ අවසරයක්.
CID - Sri Lanka Police
Sri Lanka
Sri Lanka Magistrate Court
By Wayomi
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තකට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීම අධිකරණයෙන් විශේෂ අවසරයක් හිමිව තිබෙනවා.
නීතිඥවරුන් විසින් ඔහු වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (19) මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව හරක් කටා රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධාරියෙකු හරහා එය සිදුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.
