හදිසියේම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි?

Report

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් මත ඔහු මෙම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - වෙසක් සතියට දැඩි නීතියක් - වහාම මේ WhatsApp අංකයට හෝ 119 අමතන්න

රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - වෙසක් සතියට දැඩි නීතියක් - වහාම මේ WhatsApp අංකයට හෝ 119 අමතන්න

ලේකම් ධුරයෙන් ඉවත් වන බව මහාචාර්යවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇති බව ආරංචි මාර්ග පවසයි.

ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන්ය.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ හි හිටපු උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.