හිමිනමක් සූර් වෙන්න මත්පැන් බීලා ලයිසන් නැතුව ගිහින් වාහනේ හප්පගෙන
මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් මහනුවර - අම්පිටිය මාර්ගයේ පොල් වංගුව ප්‍රදේශයේදී වෑන් රථයකින් යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ හිමිනමකට රුපියල් 67,500ක දඩයක් ගෙවන ලෙස නියෝග කර ඇත.
මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මත්පැන් පානය කර බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා මතය.
මෙහිදී පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ හිමිනම පැදවූ රථය යතුරුපැදිකරුවෙකු අනතුරට පත්කර ඇති බව කියා සිටීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ දඩ මුදල නියම කර ඇත.