බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට
මෙරටදී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග නැරඹීමට විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමග කුකුළු මස් සහ බිත්තර මිල ගණන්ද ඉහළ ගොස් තිබේ.
වෙළඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1300 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන අතර සාමාන්‍ය වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 35 කට වඩා වැඩි මිලකට අලෙවි වේ. ඒ අනුව, සුපිරි වෙළඳසැල්වල බිත්තරයක් රුපියල් 55-60 අතර මිලකට අලෙවි වේ.
කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටින්නේ සංචාරකයන් පැමිණීම ඉහළ යාමත් සමග සංචාරක හෝටල් ඇතුළු හෝටල් ක්ෂේත්‍රයට බිත්තර, කුකුළු මස් ඉල්ලුම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවත්, ඉල්ලුම වැඩිවීමත් සමග බිත්තර, කුකුළු මස් මිල ගණන්ද වැඩිවී තිබෙන බවය.
රුපියල් 800 ත් 900 ත් අතර මිලකට පැමිණි හම සහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බිත්තරයක මිලද රුපියල් 36ක් 37 ක් වැනි මිල ගණන් දක්වා වැඩිවී ඇත.
හම රහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1400 දක්වා වැඩි වී තිබේ. මේ මාසයේදී මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටිති.
මෙම තත්ත්වය තුළ, සැපයුම්කරුවන් මිල වැඩි කර ඇති බැවින්, ඔවුන්ට මිල වැඩි කිරීමට ද සිදුවී ඇති බව වෙළඳුන් පවසති.
වෙළඳපොළේ ඇති කුකුළු මස් සහ බිත්තර සැපයුමේ යම් හිඟයක් පවතින බව ද වෙළඳුන් ප්‍රකාශ කරයි. මෙලෙස රට තුළ බිත්තර සහ කුකුල් මස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම තුළින් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇත.
මේ මාසයේදී මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටිති. කෙසේ නමුත්, ඉදිරි දිනවලදී කුකුළු මස් මිල ගණන් යළි අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.