පළමු කුඹල් පෙරහැර අද වීථි සංචාරය කෙරේ..
මහනුවර දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (21) වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
පෙරහැර, දළදා වීථිය,ඩී.එස්.සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය,යටිනුවර වීථිය,රජ වීථිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිත බව වාර්තා වෙනවා.
නවගමු පුරාණ සත් පත්තිනි දේවාලයේ මල් පෙරහැර ද අද වීථි සංචාරය කරනු ඇති.