ත්‍රස්ත ප්‍රහාරයකින් නුවර පෙරහැර නූලෙන් බේරෙයි..භයානක ඇත්තක් එළියට..

By Sewvandhi Nov 24, 2021 07:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ථ කල්ලියේ දෙවැනියා වන නවුෆර් මව්ලවී 2021 වසරේ දිවයිනේ සෑ ම පළාතකට ම පහර දීමට සැලසුම් කර තිබූ නමුත් අවිධිමත් සැලසුම් නිසා එය සාර්ථක වී නො මැති බව වාර්තා වෙනවා. නිසි නායකත්වයක් නො මැති වීම මෙම සැලසුම් අසාර්ථක වීම්වලට හේතු ව බවයි පැහැදිලි වන්නේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ට අවශ්‍ය වී තිබෙන්නේ, මෙම පහර දීම් ඉක්මන් කිරීමට යි. නමුත් මේ සම්බන්ධ ව නවුෆර් මව්ලවී හා සහරාන් අතර මත ගැටුම් ඇති වී ඇති අතර, ඒ නිසා මෙම අසාර්ථ වීම් සිදු වූ බව යි ඒත්තු ගැන්වෙන්නේ. විමර්ශන හා ප්‍රශ්න කිරීම් මත අනාවරණය වූ පරිදි පළාත් නවය ඉලක්ක කරගනිමින් මෙන්ම, නිදහස් දින සැමරුම ඉලක්ක කරගෙන ද මෙම ප්‍රහාර දි‍යත් කිරීමට සැලසුම් සකස් වී තිබෙනවා.

මෙම දෙවැනි ප්‍රහාර මාලාව සඳහා සහරාන් විසින් වගකීම පවරා ඇත්තේ, ඔහුගේ සොහොයුරා වන සයිනි මව්ලවීට බව සඳහන්. සයිනි සහ සහරාන්ගේ තවත් සොහොයුරෙකු වන රිල්වාන් විසින් නුවර ඇසළ පෙරහරට ද ප්‍රහාර එල්ල කිරීමට පිඹුරුපත් සැකසූ බව අනාවරණය වෙනවා.

මෙම තොරතුරු අණාවරණය වී ඇත්තේ, සහරාන්ගේ බිරිඳගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදියි. දෙවැනි ප්‍රහාර මාලාව තුළින් විශාල ජීවිත විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබූ අතර, එය පාස්කු ප්‍රහාරයටත් වසා ප්‍රබල එකක් බවට යි විමර්ශනවලින් තොරතුරු ලැබී ඇත්තේ.

නමුත් දෙවැනි ප්‍රහාරයට සූදනම් වී සිටි පිරිස සයින්දමර්දු පිපිරීමෙන් මිය ගියා. අවසාන වශයෙන් මෙම ගැටලුවලට විසඳුම් ඇත්තේ, අන්තවාදී ආගමික කණ්ඩායම් නියාමනය කරන අය මර්ධනය කිරීම හා මෙවැනි ත්‍රස්ථ කල්ලිවලට නැවත හිස එසවීමට ඇති හැකියාවන් නැති කර දැමීම තුළ නො වේ ද ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW