නුවර මාර්කට් ඉදිරිපිට පළතුරු විකුණුම්කරුවන්ට විකල්ප ඉඩම් දුන්නට බිස්නස් නැහැ - වෙළෙන්දෝ අසරණයි

Report

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පළතුරු වෙළෙඳාමේ යෙදුණු වෙළෙඳුන්ට කුසපත් ඇදීමකින් පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට කොටසේ වෙළෙඳාම් කිරීම සඳහා මහනුවර මහ නගර සභාව විසින් ලබා දුන් ස්ථාන ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ජනවාරි 01 වැනිදා සිට මහනුවර නගරය තුළ වීදි වෙළෙඳාම තහනම් කිරීමට නගර සභාව පියවර ගත් අතර, එමගින් තම දෛනික ආදායම් අහිමි වූ වීදි වෙළෙඳුන් විකල්ප ස්ථාන ඉල්ලා නගර සභාව වෙත ලිපි කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

එම ඉල්ලීම් අනුව නගරාධිපතිවරයා විසින් කුසපත් ඇදීමක් මගින් පළතුරු වෙළෙඳුන් 19 දෙනෙකුට බෝගම්බර ප්‍රදේශයේ ස්ථාන ලබා දුන් නමුත්, දින කිහිපයක් එහි ව්‍යාපාර කටයුතු කළ වෙළෙඳුන් එම ස්ථානවලින් ඉවත් වී ගොස් ඇත.

විකල්ප ස්ථාන ලබා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බැවින් එය සාධාරණ කරන ලෙස ඉල්ලා එම ස්ථානවලින් ඉවත් වූ බව වෙළෙඳුන් පවසති.

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

කුසපත් ඇදීම මගින් පළතුරු වෙළෙඳුන් 19 දෙනෙකුට බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට ස්ථාන ලබා දුන් බවත්, එහෙත් එම ස්ථාන ලබා ගත් වෙළෙඳුන් භූමි කොටස් ලබා දුන් ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව ප්‍රකාශ කරමින් වෙනත් ක්‍රමවේදයකින් ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්