මේ පැත්තේ ගොවීන්ට කඩිනම් වන්දි සහන
මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවලින් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක මහතා නිලධාරීන්ට උපදෙස් නිකුත් කර තිබේ.
ඊයේ (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹුණි. මෙම රැස්වීමේදී, කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ඩී.ඒ. රණසිංහ මහතා සහ ප්‍රාදේශීය නිලධාරීන් රැසක් සහභාගී වී තම අදහස් ඉදිරිපත් කළහ. දිස්ත්‍රික්කයේ කෙත්වතු හෙක්ටයාර 1700 ක් පමණ හානි වී ඇත.
වගා නොකළ ඉඩම් හෙක්ටයාර 433 ක් ද විනාශ වී ඇත. වී වගාවන් හෙක්ටයාර 260 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඉඩම් හෙක්ටයාර 159 ක් අර්ධ වශයෙන් හානි වී ඇත. එළවළු, ඉරිඟු සහ අනෙකුත් අතිරේක භෝග ද බලපෑමට ලක්ව ඇත.
විශේෂයෙන්, හෙක්ටයාර 20,000 ක භූමි ප්‍රමාණයක කෙසෙල් වගාවන්ට සිදු වූ හානිය විස්තරාත්මකව පරීක්ෂා කරන ලදී. බලපෑමට ලක් වූ ගොවීන්ගේ තොරතුරු නිසි ලෙස රැස් කර ඇති අතර ඒ අනුව වන්දි ලබා දීමට පියවර ගෙන ඇත. මහා පරිමාණ වගාවන් සඳහා වාරිමාර්ග පහසුකම් කෙරෙහි ද අවධානය යොමු කරන ලදී.