මෙන්න මේ අයට දීර්ඝ නිවාඩුවක්
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී තිබේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද අනුමත කර තිබේ.
පෙරේදා (18) දින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ (19) සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය.
පසුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබූ අතර කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී තිබේ.
ඒ පිළිබඳව විශේෂ චක්රලේඛයක් මගින්ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී ඇති අතර මීට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 24 හා 26 යන දෙදින නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කර ඇත.