තවත් රැදවියන් පිරිසක් පළායයි.. රටම කැලඹමින් ඇසෙන නවතම සිද්දිය..
කන්දකාඩු පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවූ රැඳවියන් 218ක් අතරින් පිරිසක් පළාගොස් ඇතැයි වාර්තාවනවා. ඉන් 20දෙනෙකු මෙලෙස පළාගොස් ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
එමෙන්ම සිදුකළ විමර්ශනවලදී පළාගොස් සිටි රැඳවියන් 6දෙනෙකු යළි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙනවා.
තවද පළාගොස් සිටින අනෙකුත් රැඳවියන් 14 දෙනා සොයා මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ගැටුම්වලට සම්බන්ධ නොවූ බවට අනාවරණය වූ රැඳවියන් 218ක් සේනපුර රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ (06) පස්වරුවේ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබුණු අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව ඒ අතරින් පිරිසක් කඳවුර තුළ පිහිටි අවි ගබඩාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.
යුද හමුදා" මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි යුද හමුදා භට පිරිස් අහසට වෙඩි තැබූ බවයි. කෙසේවෙතත් එහි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් සිව්දෙනෙකුම රැඳවූවන් වන අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයා යුද හමුදා සෙබලෙකි.
මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සිද්ධියෙන් රැඳවියන් 33ක් තවමත් අතුරුදන් බවය.
එම සිද්ධියට සම්බන්ධ වූ බවට සැක රැඳවියන් 211 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී තිබේ.
කෙසේවෙතත් කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේදී පළාගිය රැඳවූවන් සොයා යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.