පෙට්‍රල් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් රටටම සුබ පණිවිඩයක්..

By krishani May 23, 2022 07:49 AM GMT
Report

අද(23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන තොග රැගත් නෞකා 2ක් වරාය වෙත සේන්දු වී ඇති අතර ඒවායින් ඉන්ධන තොග ගොඩ බෑම සිදුවෙමින් පවතින නිසා මෙන්ම ඉදිරි සති 6 තුළට සෑහෙන ප්‍රමාණයක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

කෙසේනමුත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් හෙට(24) සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join