ඉන්ධන සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්..
By krishani
දින කිහිපයක් ඇතුළත දී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අදාළ අමාත්‍යංශයේ බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවයි.
ඒ අනුව අද(17) සිට ඉන්ධන බෙදාහැරීම කඩිනමින් ක්‍රමවත්ව කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |