නැතිවූ බිරිඳ සොයන්නට දේවාලෙට පැමිණි තරුණයා කපුවාගේ බිරිඳ සමඟ පැන යයි..

KALUTHARA SOUTH CASUAL RELATIONSHIP ADUNA
By Sewvandhi Oct 27, 2021 06:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි. කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ තරුණ බිරිය හිටිහැටියේම ඔහු අතහැර දමා නිවෙසින් පිටව ගියේය.

තම බිරිය සොයාගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවත් ඇය සොයාගැනීමට නොහැකි විණි. මේ අතර මිතුරකු හමුවූ අප කතානායකයා සිද්ධිය පිළිබඳව පවසා උදව්වක් පැතීය. සිය මිතුරාගේ මඟ පෙන්වීම මත කතානායකයා දේවාලයකට ගියේය. බිරිය තමා අතහැර ගොස් දැන් සති ගණනක් ගතවන බවත් ඇය සොයාගැනීමට පිහිටවෙන්නැයි කඳුළුපිරි දෙනෙතින් යුතුව ආයාචනා කළේය.

සේවාකරුගේ අඳෝනාව සාවදානව අසා සිටි දේවාලයේ කපු මහතා අඳුනක් අසලට ගොස් මතුරන්නට විය. ගත වූයේ සුළු වේලාවකි. කපුවා ආරූඪ විය. අඳුන බලාගෙන පේන කියන්නට විය. ආතුරය උඹේ බිරිය තවත් අයකු සමඟ නිවසක ඉතා සතුටින් වාසය කරන බව මෑණියන් කියනවා. ඇය යළි ගෙන්වා දීමට හැකියි.

හැබැයි කොන්දේසි කීපයක් තියෙනවා. ඒ සඳහා කැපවිය හැකිනම් ගෙන්වා දෙන බව මෑණියන් පවසනවා කීවිට කපුවාට වැඳ වැටුණු කතානායකයා බිරිය ගෙන්වා ගැනීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නම් දේවගැතියා ඉදිරියේ පින්සෙන්ඩු විය. සතියේ දින දෙකක් පිරිසුදුව දේවාලයට පැමිණ දේවාලය අවට පිරිසුදු කර මල් පහන් පූජා කොට දේව මෑණියන්ට කන්නලව් කරන ලෙස මෑණියන් කියනවා. එම උපදෙස් අකුරටම පිළිපදින්නම් පොරොන්දු වූ කතානායකයා දේවගැතියාගේ දැන්වීම මත සතියකට දින දෙකක් දේවලය පිරිසුදු කිරීමටත් කන්නලව් කිරීමටත් පැමිණියේය.

එසේ පැමිණෙන අතරතුර දේවගැතියාගේ රූමත් බිරිය කතානායකයාගේ නෙත ගැටුණි. ටිකක් ඉඟිබිඟි පෑ ඇය කතානායකයා සමඟ ඇයි හොඳයි කමක් ඇති කර ගත්තේය. ජංගම දුරකතන අංක ද මාරු විය. හොරාට හොරාට දෙදෙන කතාබහ කළේය. ඒ ඇයි හොඳැයිය දැන් දුරදිග ගොසිනි. දෙදෙනා එකම වහලක් යටට යෑමට කතිකා කර ගත්තේය.

ඊට හොඳ උපක්‍රමයක් යෙදීය. තම අවුරුදු දෙකක් පමණ වයසැති දරුවාගේ කටවටේ භූමිතෙල් ගෑ කපුවාගේ බිරිය දරුවා භූමිතෙල් පානය කර ඇති බවත් ඉක්මනට රෝහලට රැගෙන යායුතු බවත් කපුවාට පවසා අප කතානායකයා සමඟ පැන ගියාය. අවසානයේ කපුවා තම බිරිය සොයා දෙන්නැයි කළුතර පොලිසියට පැමිණ බැගෑපත් විය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.