ඉන්දියානු නාවික හමුදාවේ INS SHARDA නෞකාව දිවයිනෙන් පිටව යයි

Report

අද (13) කොළඹ වරායෙන් ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම දී ඇති අතර ‘INS SHARDA’ නෞකාවේ අණදෙන නිලධාරී, බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවන් විධාන මූලස්ථානයේදී සහ දියත් විධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

‘INS SHARDA’ නෞකාව මෙරට රැඳිසිටි කාලසීමාව තුළදී නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් අතර සුහද අත්පන්දු තරගයක් පැවැත්වූ බව සඳහන්ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු වන හමුදා සහයෝගීතාවයේ නවතම සලකුණක් ලෙස, මෙහෙයුම් හැරවුම් සංචාරයක් සඳහා ඉන්දීය නාවික නෞකාවක් වන INS Sharda ජුනි 10 වන දින කොළඹ වරායට පැමිණියේය.