රෝහලක දෙපිරිසක් දෙකට බෙදී එක පොදියට යකා නටයි.. ගුටි බැට පෝලිමයි.. ලෙඩ්ඩුත් බය වෙයි...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 16, 2023 04:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබෙනවා.

ඒ, රෝගීන් පැමිණි පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් වන අතර යකඩ පොලු ලැබූ, ඉදල් භාවිතා කරමින් මෙම ගැටුම ඇතිවී තිබූ අතර තුවාල පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙන්වා.

රෝගීන් බැලීමට පැමිණි අයෙක් සහ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් රෝහල්ගත කර ඇති බව පැවසෙනවා.

නේවාසික රෝගියෙකුගේ සුවදුක් බැලීම සඳහා පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් ඇතුළුවීමට අවස්ථාවේදී ඇතිවූ සංවාදයක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර පුද්ගලයින් 15කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධ වී ඇති වාර්තා වනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනාම නාගොඩ මහ රෝහලේ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු ගගන වෙත වාර්තා කලෙ.

පහරකෑමෙන් තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි නාගොඩ රෝහලේදි පසුගියදා ගුරුවරියකට සිදුවූ අසාදාරණයක් හේතුවෙන්ද රෝහල තුළ විශාල ගැටලුවක් ඇති වුණා.

ReeCha