මැති ඇමතිවරුන්ගේ අනුරූ ගිනි තබමින් ජනතාව ප්‍රකෝපකාරී ලෙස විරෝධතාවක..
කුරුදු වගාව විනාශ වී අස්වැන්න හින වී යන්නේ පොහොර නොමැති විම හේතුවෙන් නිසා කුරු`දු වගාව සදහා රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් අහුන්ගල්ල පොල්අතුපළාතේ කුරු`දු වගා කරුවෝ පොල්අතුපළාත කඩවර කන්ද කුරු`දු ඉඩමකදී උද්ඝෝෂණයක නිරත විය.
මෙම විරෝධතාවය සදහා අහුන්ගල්ල, කටුවිල, මරදාන, පතිරාජපෙදෙස, පතිරාජගම, මහම්මාගේහේනවත්ත, බොරළුකැටිය, පොල්අතුපළාත ආදී ප්‍රදේශයන්හි කුරුදු වගාකරුවෝ දෙසීයයකට (200) අධික පිරිසක් සහභාගී විය. ඔවුන්ට සහය දක්වමින් වී හා එලවළු වගාකරුවෝද විහාල පිරිසක් පැමිණ සිටියහ.
‘කුරුදු වගාව කුස ගින්නේ ජනතාව බඩගින්නේ,’ ‘වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු,’ ‘ගෝඨා මහින්ද බැසිල් රට කෑවා, ‘ ආදී වීරෝධතා පුවරු ඔසවා ගෙන විරෝධතාකරුවෝ වීරෝධතාවයේ යෙදී සිටියහ. වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු, වැඩබැරි බව දැන ගත්තේ වසර දෙකකට පස්සේද?, අත් දැකීම් නැතිනම් ආණ්ඩුව ගත්තේ ඇයි, බැසිල්ද ජනාධිපති ගෝඨාද ජනාධිපති, මහින්ද නාමල්ට පාර කපයි, පුතා තාත්තට ඇමරිකාවට එන්න කියන්නේ බැඩබැරි බව දැනගෙනයි, ආදී සටන්පාඨ කියමින් ගොවිජනතාව උද්ඝෝෂණයේ නිරත විය.
අතර කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා රුව සහිත පඹයකුද ගිනි තබා වීනාශ කරනු ලැබීය. සමගි ජන බලවේගයේ බළපිටිය ප‍්‍රධාන සංවීධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා වීසින් සංවීධානය කරන ලද මෙම උද්ඝෝෂණයට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත ජයවීර, බළපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන එම් ඩබ්ලිව් සෙනරත්, පවරසිරි ද සොයිසා, කල්‍යාණවතී මැන්දිස්, ඔසිලා ද සොයිසා යන මහත්ම මහත්මිහු ද සහභාගිවූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |