කච්චතිව් ඉන්දියානුවන්ගෙන් පිරෙයි.

By Wayomi Mar 04, 2023 05:03 AM GMT
Report

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මහා මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන අවසන් දේව මෙහෙය අද (04) අළුයම පැවැත්වුණා.

ඒ, යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥානප්‍රගාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර කච්චතිව් මංගල්‍ය සඳහා ඉන්දියානු බැතිමතුන් දසදහසක පමණ පිරිසක් පැමිණි බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ.

මෙම මංගල්‍ය වෙනුවෙන් සහභාගිවන මෙරට බැතිමතුන් වෙනුවෙන් යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික හමුදා බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW