ලේඛක සල්මන් රුෂ්ඩිට යුක්තිය ඉටු වෙයි !
ලෝකක් ප්‍රකට ජාත්‍යන්තර සම්මානලාභී ලේඛක සල්මාන් රුෂ්ඩිට එක් ඇසක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුට වසර 25 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඬුවම් නියම වූ සැකකරු වයස අවුරුදු 24 ක් වන තරුණයෙක් වන අතර නමින් ඔහු හැඩි මාටර් ලෙස හඳුන්වයි.
මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත මෙම සැකකරු හට වසර 25 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
1988 දී සල්මාන් රුෂ්ඩිගේ ”ද සැටනික් වර්සස්” නවකතාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සම්මානලාභී ලේඛක සල්මාන් රුෂ්ඩිට මරණ තර්ජන ද එල්ල වී තිබුණා.
මෙම සම්මානලාභී නවකතාකරු අගෝස්තු මාසයේ දේශනයක් ඉදිරිපත් කිරීමට සැරසෙමින් සිටිය දී වේදිකාව මත දී ප්‍රහාරයට ලක්වූ අතර සති හයක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීය.
පසුව ඔහුට එක් ඇසක පෙනීම අහිමිවිය.
1988 වසරේ දී පළවූ ඔහුගේ 'ද සේටැනික් වර්සස්' (The Satanic Verses/'සාතනික පැදි') නවකතාව හේතුවෙන් රුෂ්ඩි දිගු කලක් තිස්සේ මරණ තර්ජනවලට මුහුණ දී තිබේ.
