ජූලි 11 විශේෂ දිනයක් වෙයි..එදාට කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Anura Dissanayake Mahinda Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Podujana Peramuna
By Aruna Jul 02, 2024 07:04 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට තවත් මාස දෙකකට ආසන්න කාලයක් පමණක් ඉතිරිව තිබෙන බව හැමෝම දන්නා කාරණයක්.

ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර, මේ වනවිට ඇතැම් දේශපාලනඥයින් එය පැවැත්වෙන දින සම්බන්ධයෙන් ඉඟි පළ කර තිබීම ද මූලික කාරණයක්.

ඇප නැතිව ණය දෙන අලුත් බැංකුවක්..තරුණයින් වෙනුවෙන් කරන්න යන දේ..

ඇප නැතිව ණය දෙන අලුත් බැංකුවක්..තරුණයින් වෙනුවෙන් කරන්න යන දේ..


සමගි ජනබලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අදාළ මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි පැවසෙන්නේ.

ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ අනුර කුමාර දිසානායක මහතා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තොරතුරු වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඡන්ද අපේක්ෂකයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොතිබීම ද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ සමාජිකයන් උත්සහා කරමින් පවතී.

අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..

අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..


එහෙත් ඒ මහතා මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

මේ වනවිට දේශපාලන පක්ෂ විසින් මැතිවරණය සඳහා පෝස්ටර් ප්‍රචාරණයන් ආරම්භ කර ඇති ආකාරය ද දැකගත හැකියි.

පසුගිය ජුනි මස 26 වැනිදා ‘ආරංචිය සුබයි’ යනුවෙන් පෝස්ටර් මාලාවක් දිවයින පුරා අලවා තිබුණේ බෝදෙනාට ප්‍රශ්නාර්ථයක් තබමින්.

මේ වනවිට “මහපොළවේ බලාපොරොත්තුව ජූලි 11 කොළඹ දී” යනුවෙන් දැන්වීම් අලවා ඇති ආකාරය දැකගත හැක.

එදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය කොළඹ දී පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

“මහපොළවේ බලාපොරොත්තුව” යන තේමාව යටතේ, එම පක්ෂය විසින් මේ වනවිට දිවයින පුරා දේශපාලන රැස්වීම් රැසක් පවත්වනු ලබයි.