අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන ඉල්ලා අස්වෙයි ?

Report

මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් අද (11) කැඳවා ඇති විශේෂ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන් වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාමාජික විනිසුරුවරුන්ගේ අදහස් විමසීම සඳහා එම සංගමයේ විධායක කමිටුව විසින් විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබුණි.

එම රැස්වීම අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය හේතුවෙන් සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

වහාම කැදවන්න යැයි විශේෂ නියෝගයක් - බන්ධනාගාර ලොක්කන් මානව කොමිසමට

වහාම කැදවන්න යැයි විශේෂ නියෝගයක් - බන්ධනාගාර ලොක්කන් මානව කොමිසමට

තම ඉල්ලා අස්වීම සහ ඊට අදාළ කරුණු සඳහන් කරමින් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින් වෙත යොමු කළ බව කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මේ අතර, සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කරුණු ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් යොමු කළ බව කියන ලිපියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

එම ලිපිය මඟින් සැලසුම් කළ පරිදි විශේෂ මහා සභා රැස්වීම පැවැත්වෙන බව ලේකම්වරයා සාමාජිකයින් වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ. ඒ අනුව, අධිකරණ සේවා සංගමය විසින් කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වූ බව වාර්තා වේ.

රුපියල් මිලියන 12ක කුලී පොල්ලක් - දූෂිත නිලධාරීන් සහ පාතාලය එකතු වී කළ මහා අපරාධය කෝප් කමිටුවෙන් කොටුකර ගනී

රුපියල් මිලියන 12ක කුලී පොල්ලක් - දූෂිත නිලධාරීන් සහ පාතාලය එකතු වී කළ මහා අපරාධය කෝප් කමිටුවෙන් කොටුකර ගනී