හෙට ඉන්දියාවේ තානාපති කාර්යාලයකට ප්‍රහාරයක් කියූ වාර්තාකරුවෙක් අත්අඩංගුවට.

Sri lanka covid 19
By Sithumi Aug 14, 2021 01:09 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ලිපි සපයන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

හෙටට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයේදී කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඔහු විසින් ලියා තිබූ ලිපියක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 

එම පුවත සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. 

පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුවන් හමුදා නිලධාරියෙක් ව සිට පසුව හමුදා සේවයෙන් නෙරපා දමන ලද පුද්ගලයකු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now