සුපිරි නළු තලපති විජේට දඩයක්.
India
By krishani
දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන ජෝශප් විජේ චන්ද්‍රසේකර් හෙවත් තලපති විජේට එරට පොලීසිය විසින් රථවාහන දඩයක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ඊයේ (11) දිනයේ ඔහු රූගත කිරීම් නිමකර සිය නිවස කරා යමින් සිටිය දී ඔහුගේ රසිකයින් පිරිසක් සිය රථය ලුහුබැඳ තිබෙනවා.
එහිදී එක් මංසන්ධියක දී මාර්ග සංඥා නොතකා වාහනය ඉදිරියට ධාවනය කර ඇත.
ඒ හේතුවෙන් ඔහුට ඉන්දීය රුපියල් 500ක දඩයක් පනවා තිබෙනවා.